
හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව තෙල් ප්‍රවාහන නෞකාවලට එල්ල වූ ප්‍රහාර සහ සෞදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපයේ තෙල් සැපයුම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව ඉහළ යාමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.30ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර මිලට සාපේක්ෂව ඩොලර් 0.73ක හෙවත් සියයට 0.8ක ඉහළ යාමකි.
බ්‍රෙන්ට් බොරතෙල් මිල නොවැම්බර් 9 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.85ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර මිලට සාපේක්ෂව ඩොලර් 2.17ක හෙවත් සියයට 2.6ක වැඩිවීමකි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මධ්‍යවාර මැතිවරණයෙන් පසුව ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ග තවදුරටත් උත්සන්න නොකරනු ඇතැයි යන අපේක්ෂාව හේතුවෙන් ආයෝජකයන් තුළ ඇති වූ සහනදායී හැඟීමත් සමඟ පසුගිය සති කිහිපයේදී බොරතෙල් මිල පහත වැටී තිබිණි.
කෙසේ වෙතත්, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ඉරානය අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එම මුහුදු මාර්ගය හරහා සිදු කෙරෙන තෙල් අපනයනයට බාධා එල්ල වී තිබේ.
මේ අතර, යේමනයේ හූති සටන්කාමීන් සෞදි අරාබියේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව ද වාර්තා වේ.
ඕමාන් බොක්ක ආශ්‍රිතව පවතින බොරතෙල් මිල සංඥා අනුව දැනට ප්‍රමාණවත් තරම් බොරතෙල් සැපයුමක් පවතින බව පෙනී ගිය ද, එම තත්ත්වය අඛණ්ඩව පවතිනු ඇතැයි උපකල්පනය කිරීම වැරදි විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම, හූති ප්‍රහාර සහ බාබ් එල් මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඔවුන් සතු බලපෑම හේතුවෙන් සෞදි අරාබියේ තෙල් සැපයුමට ද අවදානමක් මතුවිය හැකි බව වාර්තා වේ.















































