
කාත්තන්කුඩි නගර සභා බල ප්‍රදේශයේ ඉදිකරන ලද ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය (Material Recovery Facility – MRF) විවෘත කිරීමේ නිල උත්සවය කාත්තන්කුඩි නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි.
ඒ උත්සවය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙනි.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන “Clean Sri Lanka” ජාතික වැඩසටහනේ තවත් වැදගත් පියවරක් ලෙස මෙම මධ්‍යස්ථානය විවෘත කර තිබේ.
සමාජීය, පාරිසරික හා ආචාරධර්මීය වශයෙන් පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අරමුණින් ක්‍රියාත්මක වන Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ තෝරාගත් පළාත් පාලන ආයතනවල ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ.
ඒ යටතේ කාත්තන්කුඩි නගර සභාව මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
ඉවතලන නොදිරන අපද්‍රව්‍ය විධිමත්ව කළමනාකරණය කිරීම සහ ඒවා පරිසරයට අවිධිමත් ලෙස බැහැර කිරීම අවම කිරීම මෙම ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය ඉදිකිරීමේ ප්‍රධාන අරමුණ වේ.
ඒ තුළින් ස්වාභාවික සම්පත් සංරක්ෂණය කිරීම, පරිසර දූෂණය අවම කිරීම, කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නැවත ලබාදීම සහ නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම අපේක්ෂා කෙරේ. එමෙන්ම, ගෝලීය තිරසර සංවර්ධන ඉලක්කවලට අනුකූලව චක්‍රීය ආර්ථිකයක් (Circular Economy) ගොඩනැගීමට ද මෙමඟින් දායකත්වය සැපයෙනු ඇත.
තවද, අපද්‍රව්‍ය කළමනාකරණයේදී අඩු කිරීම (Reduce), නැවත භාවිත කිරීම (Reuse) සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම (Recycle) යන 3R සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම ද මෙම වැඩසටහනේ තවත් වැදගත් අරමුණකි.
ඒ අනුව, නිවෙස්වලින් නිසි පරිදි වෙන් කර ලබාදෙන ප්ලාස්ටික්, පොලිතින්, වීදුරු ඇතුළු ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය විධිමත්ව එකතු කිරීම, වෙන් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා මෙම මධ්‍යස්ථානය මඟින් පහසුකම් සැලසෙනු ඇත.
ප්‍රදේශයේ ජනතාවගේ සක්‍රීය සහභාගිත්වයෙන් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම, පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම ද මෙම ව්‍යාපෘතියේ අරමුණු අතර වේ.
ඒ අනුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයක් ස්ථාපිත කරමින් පිරිසිදු නගර පරිසරයක් සහ වඩාත් වගකීම්සහගත පුරවැසි සමාජයක් ගොඩනැගීම සඳහා මෙම ව්‍යාපෘතිය වැදගත් පියවරක් වනු ඇත.











































