
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට පැමිණ තිබේ.
2011 වසරේ මානව හිමිකම් ක්රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන අය අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවකට අදාළව වැඩිදුර සාක්ෂි ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණයට පැමිණ ඇති බව සඳහන්ය.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ සිට යාපනය මහේස්ත්රාත් අධිකරණය වෙත මාර්ගගත ක්රමයට සාක්ෂි ලබාදීමට නියමිත බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.











































