
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පෞද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි දෙසැම්බර් මස 11 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කර තිබේ.
විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද නියෝගය ප්රකාශයට පත් කරමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියම කළේය.











































