
මේ වසරේ මේ දක්වා කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 2,982කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (27) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
ඒ අනුව අදාළ කාලය තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3,758කට අධික ප්‍රමාණයක්, ගංජා කිලෝග්‍රෑම් 11,328කට අධික ප්‍රමාණයක් සහ කොකේන් කිලෝග්‍රෑම් 303කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.
එමෙන්ම සමාජය තුළ සංසරණය වන මත් පෙති සහ කරල් සම්බන්ධයෙන්ද පොලිසිය විශේෂ අවධානයක් යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
කුඩා දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කර ගැනීමේ අරමුණින් මෙම කරල් සමාජගත වන බව පෙන්වා දුන් ඔහු, ශ්‍රී ලංකා පොලිසිය විසින් මත් කරල් ලක්ෂ 45කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඊට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද පැවසීය.
එලෙස අත්අඩංගුවට ගත් විෂ මත්ද්‍රව්‍ය විනාශ කිරීමටද කටයුතු කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර 2025 ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ කළ විශේෂ වැටලීම් මාලාව යටතේ ඊයේ (26) දිනය දක්වා වයස අවුරුදු 21 දක්වා තරුණයින් 11,737 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.
එමෙන්ම වයස අවුරුදු 18ත් 21ත් අතර තරුණියන් 233 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.











































