
යේමනයේ හූති කැරලිකරුවන් සෞදි අරාබියේ ජසාන්හි පිහිටි අරම්කෝ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ, සෞදි අරාබියේ විශාලතම තෙල් පිරිපහදු මධ්‍යස්ථානය වන රාස් තනුරා වෙත පෙරේදා (25) ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුවය.
යේමන දේශසීමාව ආසන්නයේ පිහිටි ජසාන් තෙල් පිරිපහදුව දිනකට බොරතෙල් බැරල් 400,000ක් පිරිපහදු කිරීමේ ධාරිතාවයකින් යුක්ත වේ.
ප්‍රහාරයෙන් අනතුරුව හූති කැරලිකරුවන් විසින් භාවිත කළ බවට පැවසෙන බැලස්ටික් මිසයිල එල්ල කිරීමේ මධ්‍යස්ථානයක් යේමනයේ හොදෙයිදා වරාය නගරයේදී විනාශ කළ බව ද සෞදි ආරක්ෂක අංශ සඳහන් කරයි.
සිවිල් වැසියන් සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් දැඩි හමුදා ප්‍රතිචාරයක් දක්වන බවට ද සෞදි අරාබිය අනතුරු අඟවා තිබේ.
හූති කැරලිකරුවන් පෙරේදා රාස් තනුරා තෙල් පිරිපහදුවට මෙන්ම ජෙඩ්ඩා සහ ජසාන්හි රතු මුහුදු වරායන් වෙත ද ප්‍රහාර එල්ල කළ බව ප්‍රකාශ කර තිබුණි.
එම ප්රහාරවලදී රාස් තනුරා ප්‍රදේශයට ඉහළින් ඩ්‍රෝන යානා හතරක් සෞදි ආරක්ෂක අංශ විසින් ව්‍යර්ථ කර ඇති අතර, ජෙඩ්ඩා ඉස්ලාමීය වරාය ආසන්නයේදී තවත් ඩ්‍රෝන යානයක් විනාශ කළ බව සෞදි ආරක්ෂක අංශ පවසයි.
යේමනයේ සිවිල් යුද්ධය යළි උත්සන්න වීමත් සමඟ හූති කැරලිකරුවන් සෞදි ගුවන්තොටුපළ, තෙල් පහසුකම් සහ කාර්යාල ගොඩනැගිලි ඉලක්ක කර මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටී.











































