
පුද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් සකස් කර පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
අදාළ බැංකුවේ නිල වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් සකස් කර පුද්ගලයෙකු රවටා ඔහුගේ ගිණුම් ප්රවේශ දත්ත ලබාගෙන බැංකු ගිණුමේ තිබූ රුපියල් 1,000,000ක මුදලක් වංචා කර ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ.
විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත මෙම වංචාව සිදුකළ බවට සැක කෙරෙන පෞද්ගලික ආයතනයක දත්ත ඇතුළත් කිරීමේ නිලධාරියෙකු ඊයේ (26) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි රාගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොල පරිගණක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.











































