
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති දෙවැනි නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර තරගාවලියේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (26) සවස දිවයිනට පැමිණියේය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සංවිධානය කළ මෙම තරගාවලිය නොවැම්බර් 12 සිට 25 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් නුවරදී පැවැත්වුණේ රටවල් 10ක සහභාගීත්වයෙනි.
තරගාවලිය පුරා දක්ෂතා දැක්වූ විෂ්මි ගුණරත්න ලකුණු 324ක් රැස්කරමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත්තාය.
සත්‍යා සන්දීපනී කඩුලු 17ක් බිඳහෙළමින් තරගාවලියේ හොඳම පන්දු යවන්නිය බවට පත්වූවාය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද පස්වරු 4.23ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.












































