
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යළි ගිවිසුමකට යා යුත්තේ මූල්‍ය ආධාර සඳහා පමණක් බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, විස්තීර්ණ අරමුදල් පහසුකමක අවශ්‍යතාවක් මේ වන විට නොමැති බවය.
ඊයේ (23) රාත්‍රී ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා මේ බව සඳහන් කළේය.










































