
නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඊයේ (23) රාත්‍රියේ සිට වසා දැමුණ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස අද (24) උදෑසන සිට යළි විවෘත කර තිබේ.
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් සහිත ගල් ඉවත් කිරීමේ කටයුතු ආරක්ෂිතව සිදුකිරීම සහ ඊට අදාළ නඩත්තු කටයුතු හේතුවෙන් ඊයේ රාත්‍රී 11 සිට අද උදෑසන 6 දක්වා වසා තැබීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තීරණය කර තිබුණි.











































