
කොහුවල පොලිස් වසමේ එස්. ද එස්. ජයසිංහ මාවතේදී නුගේගොඩ දෙස සිට කොහුවල දෙසට ධාවනය වූ කාර් රථයක රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව රථ කිහිපයක් අනතුරුට ලක්කොට අසළ වූ බස් නැවතුම්පොළෙහි සිටි ළමයෙකුගේ ගැටී තිබේ.
ඊයේ(23) සවස සිදුවූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ ළමයා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු අවුරුදු 16ක් වයසැති නුගේගොඩ ප්රදේශයේ පදිංචි ළමයෙකි.
තවද මෙම අනතුරින් තුවාල ලැබූ තවත් තිදෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇත.
සිද්ධියට සම්බන්ධ කාර් රථයේ රියදුරු වන පානදුර, මොරවිල ප්රදේශයේ පදිංචි වයස අවරුදු 68ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කොහුවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මේ අතර ඊයේ සවස මුලතිව් පොලිස් වසමේ මුලතිව් වට්ටුවාකල් ප්රදේශයේදී වට්වුවාකල් දෙසට ධාවනය වූ කැබ් රථයක් ඉදිරියෙන් ධාවනය වූ පාපැදියක ගැටී අනතුරුක් සිදුව ඇත.
අනතුරින් පාපැදිකරු මියගොස් ඇති අතර මෘත දේහය මාන්චෝල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මරණකරු අවුරුදු 67ක් වූ වට්ටුවාකල් ප්රදේශයේ පදිංචිකරුවෙකි.
තවද ඊයේ සවස් කාලයේදී පදියතලාව පොලිස් වසමේ පදියතලාව - මහඔය මාර්ගයේ ගල්ලෝඩය ප්රදේශයේදී මහඔය දෙසට ධාවනය වූ කැබ් රථයක් විරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.
එලෙසම කැබ් රථය පිටුපසින් පැමිණි ත්රීරෝද රථයක්ද කැබ් රථයේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේම මියගොස් ඇති අතර ත්රීරෝද රථයේ රියදුරු ඇතුළු සිව්දෙනෙකු හා යතුරුපැදියේ පසුපැදිකරු තුවාල ලබා පදියතලාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා මහියංගණය රෝහලට මාරුකර යවා ඇත.
මරණකරු අවුරුදු 33ක් වූ පදියතලාව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධියට සම්බන්ධ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පදියතලාව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.










































