
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (24) වන විට තව දුරටත් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව,අද(24) මෙරට වේලාවෙන් උදෑසන 6.45වන විට නිකුත් කර ඇති නවතම දත්ත අනුව අගෝස්තු 27 න් පසු WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80.43ක් ලෙස දැක්වේ.
එමෙන්ම, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 89.61කින් පහළ ගොස් තිබේ.
Murban බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 89.29ක් දක්වා පහළ ගොස් ඇති අතර එය සියයට 1.04ක අඩුවීමකි.











































