
කුරුඳුවත්ත පොලිස් වසමේ බි.එම්.අයි.සී.එච්. රථගාල පරිශ්රයේදී කරුඳුවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද වැටලීමකදී ගජමුතු බවට සැකකරන ඇත් දළ කොටස් 02ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුඳුවත්ත පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් අවුරුදු 26 සහ 29 වයස්වල පසුවන කඩවත සහ තණමල්විල ප්රදේශවල පදිංචිකරුවන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.










































