
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (24) යෙදී තිබේ.
වස් එළැඹ සිටි භික්ෂූන් වහන්සේලා උදෙසා කඨින චීවර පූජා මාසයේ අවසන් දිනය වන්නේ ඉල් පුර පසළොස්වක පොහොය දිනයයි.
බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙස ඉල් පුර පසළොස්වක පොහොය දිනය සැලකේ.
ප්‍රථම ධර්ම දූත පිරිස වූ රහතන් වහන්සේලා 60 නම ධර්ම ප්‍රචාරය සඳහා පිටත්කර යැවීම, බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා උරුවෙල් දනව්වට වැඩම කරවීම මෙන්ම, මෛත්‍රී බෝධි සත්ත්වයන් වහන්සේ නියත වියරණ ලැබීම සිදුව ඇත්තේ අද වැනි පොහොය දිනයක බව සඳහන්ය.
බුදුරජාණන් වහන්සේගේ අගසව් ධුරය දැරූ සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම සිදුවූයේ ද අද වැනි පොහොය දිනයක වන අතර පසුවස් විසූ භික්ෂූන් වහන්සේලාගේ පවාරණ දිනය ද ඉල් පුර පසළොස්වක පොහොය දිනයට යෙදී තිබේ.
ඉල් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් අද දිනයේ දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව 'අද දෙරණ' වාර්තාකරුවන් සඳහන් කළේය.
ටිවී දෙරණ සහ එෆ් දෙරණ "දෙරණාභිවන්දනා" පොහොය දින වැඩසටහන ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර පූජා භූමිය කේන්ද්‍ර කර ගනිමින් අද දවස පුරා සිදුකිරීමට නියමිතය.
ඒ පිළිබඳව තොරතුරු ගෙන එන අද දෙරණ ප්රවෘත්ති අංශයේ ගයාන් සංදීප,










































