
ටජිකිස්තානය ජාත්‍යන්තර අධිකරණයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
අමෙරිකාව විසින් අඛණ්ඩව එම අධිකරණයට සිදුකරන බලපෑම් හමුවේ ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
ටජිකිස්තානය සිය තීරණය එක්සත් ජාතීන්ගේ කවුන්සිලයට නිල වශයෙන් දැනුම්දී ඇති අතර ඊට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පාලක මණ්ඩලය කනස්සල්ල පළ කර ඇත.
මේ වසරේ ජූලි මාසයේදී එම අධිකරණයෙන් ඉවත් වන ලෙසට අමෙරිකාව අනෙකුත් රටවල්වලින් ඉල්ලීමක් සිදු කළේය.
ඒ අනුව අදාළ ඉවත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කළ සිව්වන රට ලෙස ටජිකිස්තානය සැලකේ.
වෙනිසියුලාව, චැඩ් සහ මීටපෙර නාවුරු ලෙස හැඳින්වූ පැසිෆික් දූපත් රාජ්‍යයක් වන නාඕරෝ මෙලෙස ජාත්‍යන්තර අධිකරණයෙන් ඉවත් වූ සෙසු රටවල් බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.










































