header logo
Vallibel FD
Valible Le
ක්‍රීඩා
2035 කාන්තා පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය එක්සත් රාජධානියට
2035 කාන්තා පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය එක්සත් රාජධානියට
Mobitel 1278

2035 කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය එංගලන්තය, උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය යන රටවල් හතරට හිමිවන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) නිල වශයෙන් තහවුරු කර තිබේ.

1966 පිරිමි ලෝක කුසලාන තරගාවලියෙන් පසු එක්සත් රාජධානිය තුළ පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ. සූරිච්හි පිහිටි ෆීෆා මූලස්ථානයේ සිට මාර්ගගතව (Virtual) පැවැත්වූ විශේෂ රැස්වීමකදී, මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වූ එකම ලංසුකරුවන් වූ මෙම රටවල් හතර සම සත්කාරකයින් ලෙස අනුමත කෙරිණි.

දින 39ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් 48ක් සහභාගී වන අතර, තරග 104කින් එය සමන්විත වේ.

මේ අතර, සඳුදා පැවති ෆීෆා සම්මේලනයේ විශේෂ රැස්වීමේදී 2031 කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගාවලියේ සත්කාරකත්වය සඳහා මෙක්සිකෝව, අමෙරිකා එක්සත් ජනපදය, කොස්ටාරිකාව සහ ජැමෙයිකාව ඉදිරිපත් කළ ඒකාබද්ධ ලංසුවට ද අනුමැතිය හිමි විය. කණ්ඩායම් 48ක් සහභාගී වන පළමු කාන්තා ලෝක කුසලානය එය වනු ඇත.

'All Together' නමින් ඉදිරිපත් කළ සත්කාරක යෝජනාවට ක්‍රීඩාංගණ 19ක් ඇතුළත් වන අතර, ඉන් 14ක් එංගලන්තයේ ද, එකක් උතුරු අයර්ලන්තයේ ද, දෙක බැගින් ස්කොට්ලන්තයේ සහ වේල්සයේ ද පිහිටා ඇත.

එංගලන්තය: විලා පාර්ක් (Villa Park), ද ඇමෙක්ස් (The Amex), ඇෂ්ටන් ගේට් (Ashton Gate), එලන්ඩ් රෝඩ් (Elland Road), හිල් ඩිකින්සන් ක්‍රීඩාංගණය (Hill Dickinson Stadium), එමිරේට්ස් ක්‍රීඩාංගණය (Emirates Stadium), සෙල්හර්ස්ට් පාර්ක් (Selhurst Park), ටොටන්හැම් හොට්ස්පර් ක්‍රීඩාංගණය (Tottenham Hotspur Stadium), වෙම්බ්ලි (Wembley), එතිහාඩ් ක්‍රීඩාංගණය (Etihad Stadium), ශාන්ත ජේම්ස් පාර්ක් (St James' Park), ද සිටි ග්‍රවුන්ඩ් (the City Ground), ස්ටේඩියම් ඔෆ් ලයිට් (Stadium of Light) සහ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් (Old Trafford).

එමෙන්ම මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම යෝජනා කර ඇති නව ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණය ඉදි නොවුණහොත්, දැනට පවතින ක්‍රීඩාංගණය ඒ සඳහා යොදා ගැනෙනු ඇති බව සඳහන් වේ.

වේල්සය - කාඩිෆ් සිටි ක්‍රීඩාංගණය (Cardiff City Stadium) සහ ප්‍රින්සිපැලිටි ක්‍රීඩාංගණය (Principality Stadium).

ස්කොට්ලන්තය - එඩින්බරෝහි ඊස්ටර් රෝඩ් (Easter Road) සහ ග්ලාස්ගෝහි හැම්ප්ඩන් පාර්ක් (Hampden Park).

උතුරු අයර්ලන්තය - නවීකරණය කෙරෙන වින්ඩ්සර් පාර්ක් (Windsor Park) ක්‍රීඩාංගණය.

කේස්මන්ට් පාර්ක් ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට බ්‍රිතාන්‍ය රජය 2024 දී මුදල් ලබා නොදීම නිසා 2028 පිරිමි යුරෝ තරගාවලියේ සම සත්කාරකත්වය උතුරු අයර්ලන්තයට අහිමි විය.

මීට අමතරව, බර්මින්හැම්හි නව පවර්හවුස් ක්‍රීඩාංගණය (Powerhouse Stadium), රෙක්ස්හැම්හි නවීකරණය කළ රේස්කෝස් ග්‍රවුන්ඩ් (Racecourse Ground) සහ චෙල්සි කණ්ඩායමේ නව ක්‍රීඩාංගණයක් ද ඇතුළත් කිරීමට ඉඩ ඇති අතර, එසේ වුවහොත් නගර 16ක ක්‍රීඩාංගණ 22ක තරග පැවැත්වෙනු ඇත.

කෙසේ වෙතත්, සම සත්කාරක රටවල් හතරටම තරගාවලියට සෘජුවම සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවන්නේද යන්න පිළිබඳව ෆීෆා සංවිධානය මෙතෙක් තීරණය කර නොමැත.
 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

COP 31 සමුළුව එකඟතාවකින් තොරව අවසන්

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි