
විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව අද (23) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඒ, එම පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය පස්වරු 06.00 සිට 06.30 දක්වා පැවැත්වීමෙන් අනතුරුවය.
මේ අතර අද විවාදයට ගත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශට අදාළ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත විය.










































