
වහාම ක්‍රියාත්මක වන පරිදි Nvidiaහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස Jensen Huang යළිත් පත් කර තිබේ.
එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය විසින් අද (23) දින මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
අදාළ තීරණය ගැනීමට පෙර අමෙරිකානු රජයේ ඉහළ පෙළේ නිලධාරීන්ගෙන්ද අදහස් ලබාගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.
Jensen Huang, චීන ඔත්තුකාරියක යැයි සැක කාන්තාවක් අතර පැවති සබඳතාවක් පිළිබඳ වාර්තාවීමත් සමඟ Nvidia අධ්යක්ෂ මණ්ඩලය විසින් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කරන ලදී.
ඒ අනුව ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජෙන්සන් හුවාන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කළ ඉල්ලා අස්වීම අධ්යක්ෂ මණ්ඩලය ඒකමතිකව පිළිගත් බව සඳහන්ය.
කෙසේවෙතත් අධ්යක්ෂ මණ්ඩලය සඳහන් කර ඇත්තේ, ජෙන්සන් හුවාන්ගෙන් ජාතික ආරක්ෂාවට කිසිදු අවදානමක් එල්ල නොවන බවට තමන් විශ්වාස කරන බවය.
හුවාන් සමග පැවැත්වූ සාකච්ඡා සහ හමුවීම් මාලාවකින් අනතුරුව ඔහුගේ විවෘතභාවය සහ සමාගම මෙහෙයවීමේ හැකියාව පිළිබඳ අධ්යක්ෂ මණ්ඩලය සෑහීමකට පත්ව තිබේ.
ඒ අනුව ජෙන්සන් හුවාන් යළි ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්කිරීමට තීරණය කිරීම විශේෂත්වයකි.










































