
නිවාස සංකීර්ණයක රථගාලක තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාගය සඳහා ජනවාරි 29 වැනි දින කැඳවීමට නියමර කර තිබේ.
මෙම නඩුකරයට අදාළ පූර්ව විභාග සම්මන්ත්‍රණය අවසන් වීමෙන් පසුව එය විභාගය සඳහා දින නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා අද (23) නියම කළේය.
එමෙන්ම එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින මෙන් දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා මෙහිදි නියම කළේය.

















































