
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු තිදෙනෙකු එළැඹෙන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු තිදෙනා අද (23) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.
2008 වසරේදී මඩකලපුවේදී වෙඩි තබා පුද්ගලයින් පස් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය ඇතුළු චෝදනා කිහිපයක් සඳහා ඔහු ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

















































