
කොඩිකාමම්, මිරුසුවිල් ප්රදේශයේදී T56 ගිනි අවියට භාවිත කරන පතරොම් 96ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොඩිකාමම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් වෙත ලද තොරතුරකට අනුව යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී මෙම පතරොම් තොගය සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 30 සහ 31 යන වයස්වල පසුවන එළුඳු මට්ටුවාල් ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කර සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















































