
අනුරාධපුර - කොළඹ ප්රධාන මාර්ගයේ 02 කණුව ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පුත්තලම දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදික කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව සහ යතුරුපැදිකරු පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පදික කාන්තාව මියගොස් ඇති බව පොලිසිය පැවසීය.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 62ක් වූ පුත්තලම ප්රදේශයේ පදිංචිකාරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















































