
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ විස්තීරණ ණය පහසුකම යටතේ 7 වැනි සමාලෝචනය, ඇගයීමට ලක්කිරීම දෙසැම්බර් 2වැනිදා සිදුකිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය තීරණය කර තිබේ.
විධායක මණ්ඩලය විසින් මෙම අනුමත කිරීම සිදුකළ පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 345ක මූල්‍යාධාරයක් ලබා ගැනීමේ ප්‍රවේශය හිමිවේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක ඩොලර් බිලියන 2.9ක ණය වැඩසටහන 2027 මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිතව ඇති අතර, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වමින් සිටින අතරවාරයේ මෙම සමාලෝචනය පැවැත්වීමට නියමිතව ඇත.
ඉකුත් ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, 7වැනි සමාලෝචනයට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට එළැඹුණි.


















































