
මාතලේ අලු විහාරයේ තාබරවල්ලිය ප්රදේශයේ නිවසක් ආසන්නයේ පිහිටි ඇළ මාර්ගයක තිබී විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බයක් අද (22) හමුවී ඇති බව මාතලේ පොලීසිය පවසයි .
අදාළ ඇළ මාර්ගය පිරිසිදුකිරීමේ කටයුතුවල නිරතව සිටි පුද්ගලයෙකුට මෙම අත්බෝම්බය දැකගැනීමට ලැබී ඇති අතර ඒ පිළිබඳව ඔහු විසින් පොලීසිය දැනුවත් කර ඇත .
සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.


















































