
කොළඹ මුතුවැල්ල ධීවර වරාය ආසන්නයේ සිදුවූ හදිසි ඩීසල් තෙල් කාන්දුවක් කඩිනමින් පාලනය කිරීම සඳහා ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ තෙල් විසිරුම් කළමනාකරණ කණ්ඩායම් විසින් විශාල මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ඊයේ(21)කොළඹ වරායේ ජයා බහාලුම් පර්යන්තයට (JCT) අයත් බ්ලුමැන්ඩල් ප්රදේශයේ පිහිටි ගබඩා ටැංකියක නළ මාර්ගයක සිදුවූ හදිසි බිඳවැටීමක් මෙම ඩීසල් කාන්දුවට හේතු වී ඇත.
මෙලෙස කාන්දු වූ ඩීසල් තෙල් ප්රදේශයේ ප්රධාන ජලාපවහන ඇළ මාර්ගය ඔස්සේ ගලා ගොස් මුතුවැල්ල ධීවර වරාය ආසන්නයෙන් මුහුදු තීරයට එක්වී තිබේ.
සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබුණු වහාම ක්රියාත්මක වූ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ තෙල් විසිරුම් කළමනාකරණ කණ්ඩායම, ඩීසල් තෙල් මුහුදට තවදුරටත් පැතිර යාම වැළැක්වීම සඳහා ඇළ මාර්ගය මුහුදට විවෘත වන ස්ථානයේ විශේෂ තෙල් පාලන බාධකයක් (Fence Boom) ස්ථාපිත කිරීමට පියවර ගත්තේය.
මේ අතර, වෙරළ තීරයට ගලාවිත් තිබූ ඩීසල් ඉවත්කිරීමේ මෙහෙයුම් ද මේ වන විට ආරම්භ කර ඇති අතර, කාන්දු වූ තෙල් සම්පූර්ණයෙන්ම ඉවත් කර තත්ත්වය පාලනය කිරීම සඳහා වෙරළාරක්ෂක බලකායේ තෙල් විසිරුම් කළමනාකරණ කණ්ඩායම් අඛණ්ඩව මෙහෙයුම්වල නිරතව සිටිති.


















































