header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රෝග නිවාරණයට මුල්තැන දෙන නව යුගයක් කරා රජයේ දන්ත වෛද්‍ය සේවය යොමු විය යුතුයි – අගමැති
රෝග නිවාරණයට මුල්තැන දෙන නව යුගයක් කරා රජයේ දන්ත වෛද්‍ය සේවය යොමු විය යුතුයි – අගමැති
Mobitel 1278

ඉදිරි සියවස තුළ රජයේ දන්ත වෛද්‍ය සේවය හුදෙක් ප්‍රතිකාර කිරීමට පමණක් සීමා නොවී; රෝග නිවාරණය, කල්තියා රෝග හඳුනා ගැනීම සහ සැමට සමාන අවස්ථා ලබා දීම යන මූලධර්ම මත පදනම්ව ඉදිරියට යා යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ රජයේ දන්ත වෛද්‍ය සේවයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් අද (22) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

1926 දී කොළඹ මහ රෝහලේ ඉතා සුළු පරිමාණයෙන් ඇරඹි මෙම සේවය, අද වන විට විශේෂඥ වෛද්‍යවරුන් 106 දෙනෙකු ඇතුළු දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 1,350 ක් පමණ සේවය කරන, දිවයින පුරා විහිදුණු ප්‍රතිකාර මධ්‍යස්ථාන 600 කින් සමන්විත ශක්තිමත් ජාලයක් බවට පත්ව ඇත.

1943 දී දන්ත වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීම සහ 1947 දී මෙරටදීම පුහුණුව ලැබූ පළමු දන්ත වෛද්‍යවරුන් පිරිස බිහිවීම සුවිශේෂී සන්ධිස්ථාන ලෙස සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමිය, පේරාදෙණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල දන්ත වෛද්‍ය පීඨ මගින් ලැබෙන දායකත්වය ද අගය කළාය.

දන්ත ශල්‍ය වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, පාසල් දන්ත චිකිත්සකවරුන්, දන්ත රසායනාගාර තාක්ෂණවේදීන් සහ දන්ත සහායකවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීමට ඇය සිය ප්‍රණාමය පළ කළාය.

මුඛ සෞඛ්‍යය යනු දත් කැක්කුමකට ප්‍රතිකාර කිරීම හෝ දත් ගැලවීම පමණක් නොව, එය පුද්ගලයෙකුගේ පෝෂණය, කතා කිරීමේ හැකියාව, ආත්ම විශ්වාසය සහ සමස්ත ජීවන තත්ත්වයට ඍජුවම බලපාන සාධකයක් බව අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.

"බොහෝ දෙනෙකුට දන්ත වෛද්‍ය උපදෙස් මතක් වන්නේ දත් කැක්කුමක් සෑදුණු පසුවයි. අප වෙනස් කළ යුත්තේ මෙම ආකල්පයයි. සෞඛ්‍ය ආරක්ෂාව ආරම්භ විය යුත්තේ රෝගයක් වැළඳුණු පසු නොව ඊට පෙර සිටයි."

දන්ත දිරායාම අවම වීම: වයස අවුරුදු 12 දරුවන් අතර 67% ක් පමණව පැවති දන්ත දිරායාමේ ප්‍රතිශතය, 2015–2016 සමීක්ෂණය වන විට 30.4% දක්වා අඩු කර ගැනීමට හැකි වීම පාසල් දන්ත සේවයේ සහ රෝග නිවාරණ වැඩසටහන්වල සාර්ථකත්වය පිළිබිඹු කරයි.

දුම්කොළ, බුලත් විට, පුවක් සහ අහිතකර මත්පැන් භාවිතයේ ආදීනව පිළිබඳව ජනතාව වඩාත් ඵලදායී ලෙස දැනුවත් කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.

ආදායම, පදිංචි ප්‍රදේශය හෝ සමාජ තත්ත්වය මත ගුණාත්මක දන්ත සේවාවක් ලබා ගැනීමේ අයිතිය තීරණය නොවිය යුතු බවත්, ආර්ථික අපහසුතා ඇති පිරිස්, ආබාධ සහිත පුද්ගලයින්, වැඩිහිටියන් මෙන්ම ඩිජිටල් දන්ත වෛද්‍ය විද්‍යාව වැනි නව තාක්ෂණික ප්‍රතිලාභ සැමට සමානව හිමිවිය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම නිමිත්තෙන් සකස් කළ සමරු මුද්දරය සහ මුල්දින කවරය එළිදැක්වීම ද අග්‍රාමාත්‍යවරිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණි.
 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

 GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

 "මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

"මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

 කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

 "මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

"මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

 රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි