
ශ්‍රී ලංකාව ආර්ථිකය ප්‍රකෘතිමත් කරමින් තිරසාර සංවර්ධනයක් කරා ඉදිරියට ගමන්කිරීමේ විශාලතම ශක්තිය රටේ මානව සම්පත බව කම්කරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සංවිධාන කළ 2026 CHINA AID TRAINING ALUMNI (2026 චයිනා එයිඩ් ට්‍රේනින් ඇලමනායි) වැඩසටහන ඊයේ(21) පස්වරුවේ කොළඹදී පැවැත්වුණි.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති වේ හුආජියෑං සහ කම්කරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරු එක්ව සිටියේය.
එහිදී අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්ද මහතා,
"චීන ආධාර යටතේ ක්‍රියාත්මක පුහුණු වැඩසටහනක් හරහා ශ්‍රී ලාංකික නිලධාරීන් මෙම ප්‍රගතිය සෘජුවම අත්දැකීමට සමත්ව තිබෙන්නේ ප්‍රායෝගික කුසලතාවන් දැනුම සහ රාජ්‍ය පරිපාලනය උදෙසා නව ප්‍රවේශයන්ද ගවේශනය කරමින්..."


















































