
1912 වසරේදී උතුරු අත්ලාන්තික් සාගරයේදී අයිස් කන්දක ගැටී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ මගීන් සතුව තිබූ දුර්ලභ භාණ්ඩ කිහිපයක් වෙන්දේසියකදී වාර්තාගත මිලකට අලෙවි වී තිබේ.
ඒ අනුව, නෞකාවේ තෙවන පන්තියේ මගියෙකු සතුව තිබූ ඔරලෝසුවක් ස්ටර්ලින් පවුම් 250,000කට ද, අනතුරින් දිවි ගලවාගත් ඩෆ් ගෝර්ඩන්ට අයත් දියමන්ති මුදුවක් පවුම් 140,000කට ද අලෙවි වී ඇත.
එමෙන්ම, නෞකාවේ පළමු පන්තියේ මගියෙකු විසින් ලියන ලද ලිපියක් ද පවුම් 80,000ක මුදලකට අලෙවි වී ඇති බව සඳහන් වේ.
මෙම වෙන්දේසිය සංවිධානය කළ සමාගමේ හිමිකරු ඇල්ඩ්රිජ් ප්‍රකාශ කර ඇත්තේ මෙම සුවිශේෂී වෙන්දේසිය හරහා ටයිටැනික් නෞකාවේ ඛේදවාචකය සම්බන්ධයෙන් ලොව පුරා තවමත් පවතින දැඩි උනන්දුව මනාව පිළිබිඹු වන බවය.
1912 වසරේ අප්‍රේල් 10 වැනිදා සිය මංගල මුහුදු ගමන ආරම්භ කළ ටයිටැනික් නෞකාව, අප්‍රේල් 15 වැනිදා අලුයම උතුරු අත්ලාන්තික් සාගරයේදී අයිස් කන්දක ගැටී මුහුදුබත් විය.
එම අනතුරින් නෞකාවේ ගමන් කළ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු පුද්ගලයන් 1,500කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.



















































