header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පළාත් පාසල් ජාතික පාසල් කිරීමේ ව්‍යාපෘතියේ ගැටලු ගැන COPA හිදී හෙළිවෙයි
පළාත් පාසල් ජාතික පාසල් කිරීමේ ව්‍යාපෘතියේ ගැටලු ගැන COPA හිදී හෙළිවෙයි
Mobitel 1278

ජාතික පාසල් 1,000ක් ආරම්භ කිරීමට 2019 වසරේ ඇරඹි ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,600ක මුදලක් වැය කර තිබුණද ජාතික පාසල් බවට පත්ව ඇත්තේ පාසල් 22ක් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසයි.

ඒ මහතා මේ බව අනාවරණය කරනු ලැබුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ මෙම ව්‍යාපෘතිය පසුගිය 2019 වසරේ එවකට ජනාධිපතිවරයාගේ රජයේ ප්‍රතිපත්තියක් අනුව ආරම්භ වී ඇති බවය.

ඒ අනුව දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල කොට්ඨාසයකම අයත් ජාතික පාසල් 03ක් බැගින් පාසල් 1,000ක් ඇති කිරීම අරමුණ වී ඇති බවත් එහිදී මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙහෙයවා ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

එහිදී පාසල් 802ක් තෝරාගනිමින් රුපියල් මිලියනයක් භෞතික සම්පත් දියුණු කිරීමට සහ රුපියල් මිලියනයක් අනෙකුත් උපකරණ මිලදී ගැනීමටත් වශයෙන් රුපියල් මිලියන 02ක් එක් පාසලකට ලබා දී ඇති බවත් නාලක කළුවැව මහතා මෙහිදී අනාවරණය කරනු ලැබීය.

ඒ අනුව ආසන්න වශයෙන් පාසල් 802ක සඳහා රුපියල් මිලියන 1,600ක මුදලක් ගෙවීම් කර ඇති නමුත් 2023 වසරේදී ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මගින් මෙම ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

කෙසේ නමුත් අදාළ මුදල් ලබා දී ඇති පාසල් 802 සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සොයා බැලූ බවත් එහිදී කිසිදු ආකාරයක ගැටලුවක් ඇති නොවූ බවද ඒ මහතා පෙන්වා දෙනු ලැබීය.

ඒ අනුව භෞතික සම්පත් දියුණු කිරීමට ලබා දුන් මුදල් පාසල් කිහිපයක වියදම් කර ඇතැයිද  එය අදටද දැකගත හැකි බවත් ඒ මහතා මෙහිදී කාරක සභාව හමුවේ අනාවරණය කරනු ලැබීය.

එමෙන්ම පාසල් විසින් අවශ්‍ය උපකරණ මිලදී ගැනීමද ඒ අයුරින් සිදුකර ඇති බවද ඔහු  මෙහිදී පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා,

මේ ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 2019 එවකට ජනාධිපතිතුමන්ගේ රජයේ ප්‍රතිපත්තියේ තියෙනවා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල කොට්ඨාසයකට ජාතික පාසල් 3ක් බැගින් පාසල් 1,000ක් ඇතිකරනවා කියලා. ප්‍රධාන වශයෙන් මේ ව්‍යාපෘතිය මෙහෙයවලා තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින්. ඒ අනුව පාසල් 802ක් තෝරගෙන මිලියනයක් භෞතික සම්පත් දියුණු කිරීමට සහ මිලියනයක් අනෙකුත් උපකරණ මිලදී ගැනීමට වශයෙන් එක පාසලකට මිලියන 2ක් වශයෙන් ලබා දීලා තිබෙනවා. එතකොට පාසල් 802කට ආසන්න වශයෙන් රුපියල් මිලියන 1,600කට ආසන්න මුදලක් පාසල්වලට ගෙවීම් කරලා තියෙනවා. 2023 දි ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මගින් මෙම ව්‍යාපෘතිය අත්හිටුවලා තිබෙනවා. එතකොට මේ පාසල් 802 සඳහා ලබා දුන් මුදල් ගැන අපි සොයලා බැලුවා. ඒකෙදි කිසිදු ආකාරයකට ගැටලුවක් ඇතිවෙලා නෑ. ඒ භෞතික සම්පත් දියුණු කිරීමට ලබා දුන් මුදල් පාසල් කිහිපයක වියදම් කරලා තියෙනවා. ඒක පාසලේ තාප්පය ඉදිකිරීම, ගේට්ටුව ඉදිකිරීම සහ බෝර්ඩ් එක කියන කාරණා අපි අදත් යනකොට දකිනවා. පාසල් ඉදිරිපෙල ඒ විදිහට සංවර්ධනය වෙලා තිබෙනවා. උපකරණ මිලදී ගැනීමත් අවශ්‍ය විදිහට කරලා තිබෙනවා. නව රජය බලයට පත් වුණාට පස්සෙත් 2025 පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය කරන ලද ප්‍රකාශයකින් දැනුම් දෙනවා ජාතික පාසල් බවට පත් කිරීමට අදහසක් නොමැති බව. ඒ කියන්නේ පාසල් 396ට වඩා ජාතික පාසල් බවට පත් කිරීම ප්‍රායෝගික නෑ. ඒ අනුව එතැනින් එහාට ජාතික පාසල් බවට පත්වීමක් සිදුවන්නේ නෑ... ඔය කියන පාසල් 802 අතුරින් පාසල් 22ක් ජාතික පාසල් විදිහට පිළිඅරන් තිබෙනවා. අපි දැන් කියන්නේ ජාතික පාසල් 396ට අලුතින් එක්වූ පාසලුත් අයත් වෙනවා"

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

 "මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

"මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

 කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

 "මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

"මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

 රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

කානුවල ගලා ගිය තෙල් මිනිස්සු එකතු කරපු හැටි - ''වතුරයි තෙලුයි වෙන්කරලා මෙයා තමයි ලස්සනටම ගන්නේ''

කානුවල ගලා ගිය තෙල් මිනිස්සු එකතු කරපු හැටි - ''වතුරයි තෙලුයි වෙන්කරලා මෙයා තමයි ලස්සනටම ගන්නේ''

රජයෙන් ලද සුබ පණිවුඩයෙන් රාජ්‍ය සේවා ඉංජිනේරුවෝ අඩියක් පස්සට ගනී"රජය විශ්වාස කර සති දෙකක් කල් දෙනවා"

රජයෙන් ලද සුබ පණිවුඩයෙන් රාජ්‍ය සේවා ඉංජිනේරුවෝ අඩියක් පස්සට ගනී"රජය විශ්වාස කර සති දෙකක් කල් දෙනවා"

භික්ෂුවගේ වටිනාකම මතක්කළ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමි | Ada Derana

භික්ෂුවගේ වටිනාකම මතක්කළ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමි | Ada Derana

පන්නිපිටිය අහස කළු කරමින් ලොකු ගින්නක් | Ada Derana

පන්නිපිටිය අහස කළු කරමින් ලොකු ගින්නක් | Ada Derana

සජිත් නැගිට්ට සැණින් පොයින්ට් එක අහපු කථානායක.."ඔබතුමාට ඕන විදියට පාර්ලිමේන්තුව කරන්න බෑ"

සජිත් නැගිට්ට සැණින් පොයින්ට් එක අහපු කථානායක.."ඔබතුමාට ඕන විදියට පාර්ලිමේන්තුව කරන්න බෑ"

එක පෙළට උසාවි ආ නාමල්, චාමර හා ජානකී - අධිකරණයෙන් අද ලැබුණ තීන්දු | Ada Derana

එක පෙළට උසාවි ආ නාමල්, චාමර හා ජානකී - අධිකරණයෙන් අද ලැබුණ තීන්දු | Ada Derana

හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස සිටි නිල නිවසේ අද සිට අලුත් වැඩක් | Ada Derana

හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස සිටි නිල නිවසේ අද සිට අලුත් වැඩක් | Ada Derana

වාර්තා පිට වාර්තා තබන 'GTA-6' වීඩියෝ ක්‍රීඩාව | Ada Derana

වාර්තා පිට වාර්තා තබන 'GTA-6' වීඩියෝ ක්‍රීඩාව | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි