
බලපත්‍රයක් නොමැතිව මත්පෙති තොගයක් ප්‍රවාහනය කරමින් සිටි වෛද්‍යවරයෙකු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ වෛද්‍යවරයා මෝටර් රථයකින් මත්පෙති තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
එහිදී මෝටර් රථය පරීක්ෂා කිරීමේදී තිබී මත්පෙති 10,000ක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා හලාවත ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහලක සේවය කරන අයෙකු වන අතර, ඔහු ලුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



















































