
අමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝහී ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය අධ්‍යයන අංශයේ ගෝලීය වැඩසටහනෙන් ලද ආරාධනයක් මත මහාචාර්ය චන්න ජයසුමන මහතා එහි ගොස් තිබේ
එහිදී ඒ මහතා ලොව පුරා නිවර්තන කලාපීය කෘෂිකාර්මික ප්‍රදේශවල පැතිර යන වකුගඩු රෝගය පිළිබඳව ශ්‍රී ලාංකික පර්යේෂණ ප්‍රතිඵල ඉදිරිපත් කර ඇත.
මීට වසර 15 පමණ පෙර මෙම රෝගය මෙරට සහ මධ්‍යම අමෙරිකානු රටවල් කිහිපයකට සීමා වුවද අද වන විට රටවල් 25කින් පමණ රෝගීන් වාර්තා වී ඇති බවද එහිදී හෙළි විය.
පර්යේෂණ ප්‍රතිඵල මත පදනම්ව කෘෂිකාර්මික වකුගඩු රෝග පාලනයට මෙරට ගනු ලැබූ පියවර හේතුවෙන් මේ වන විට රෝගය සැලකිය යුතු ලෙස පහළ යාමක් දක්නට ලැබෙන අතර විවිධ බාධක මධ්‍යයේ ගනු ලැබූ එම පියවර පිළිබඳව අමෙරිකානු විද්වතුන්ගේ විශේෂ ඇගයීමක්ද එහිදී හිමිවිය.
එමෙන්ම ලොව අනෙකුත් රටවල කෘෂිකාර්මික වකුගඩු රෝග පාලනයට ශ්‍රී ලංකාව ආදර්ශයක් ලෙස යොදාගත හැකි බවද මෙහිදී ප්‍රකාශ වී තිබේ.





















































