header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අතරමඟ නතර වූ අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වෙයි
අතරමඟ නතර වූ අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වෙයි
Mobitel 1278

2018 – 2021 කාල සීමාව තුළ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආරම්භ කර අතරමඟ නතර වූ සංවර්ධන ව්‍යාපෘති 72ක් පිළිබඳ තොරතුරු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී කරුණු අනාවරණය විය.

ඒ, එම අමාත්‍යාංශයේ 2021–2023 මූල්‍ය වර්ෂවලට අදාළ ත්‍රෛ වාර්ෂික වාර්තා, 2024 විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන්  එම කාරක සභාව  පාර්ලිමේන්තුවේදී පසුගිය 19 වැනිදා රැස් වූ අවස්ථාවේදීය.

ඒ අනුව අතරමඟ නතර වූ මෙම ව්‍යාපෘති 72 සඳහා රුපියල් මිලියන 1,664ක මුදලක් වැය කර තිබූ බව මෙහිදී අනාවරණය විය.

ඒ අතරින් ව්‍යාපෘති 35ක් මේ වන විට සම්පූර්ණ කර ඇති අතර, ව්‍යාපෘති 13ක වැඩකටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, තවත් ව්‍යාපෘති 4ක් අත්හිටුවා ඇති බවත්, ව්‍යාපෘති 20ක් කොන්ත්‍රාත්තු සම්බන්ධ ගැටලු හේතුවෙන් නතර වී තිබෙන බවත් නිලධාරීහු කාරක සභාව හමුවේ පැවසූහ.

කෙසේ වෙතත් එම ගැටලු විසඳා ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා පියවර ගනිමින් පවතින බව ද එම නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

2019 වසරේදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ජාතික පාසල් තුනක් බැගින් පිහිටුවීමේ වැඩසටහන යටතේ තෝරා ගත් පාසල්වල භෞතික සංවර්ධනය සහ උපකරණ මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 1,600කට ආසන්න මුදලක් ලබා දී ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.

කෙසේ වෙතත්, ප්‍රතිපත්තිමය තීරණ මත එම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බැවින්, එක් එක් පාසලට ලබා දුන් මුදල් සහ සිදු කළ සංවර්ධන කටයුතු පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින්  නිලධාරීන්ට  උපදෙස්  දෙන ලදී.

මේ අතර, අමාත්‍යාංශය ඇණවුම් කළ පරිගණක තොගයක් තාක්ෂණික පිරිවිතරයන්ට අනුකූල නොවීම හේතුවෙන් භාරගෙන නොමැති බවත්, ඒ සඳහා ගෙවීම් සිදු කර නොමැති බවත්, සැපයුම්කරු විසින් අධිකරණයේ නඩු දෙකක් පවරා ඇති බවත් අනාවරණය විය.

ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (NEMIS) ප්‍රගතිය පිළිබඳව ද එහිදී සාකච්ඡා වූ අතර, ගුරු තොරතුරු සහ සිසුන්ගේ ඇගයීම් දත්ත ඇතුළත් කිරීමට ප්‍රමුඛතාව ලබාදී ඇති බව නිලධාරීහු පැවසූහ.

පළාත් කිහිපයක ගුරු ස්ථාන මාරු මෙම පද්ධතිය හරහා ක්‍රියාත්මක වන බව ද, එය දිවයිනේ සියලු පළාත් සහ ජාතික පාසල් දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව ද මෙහිදී ප්‍රකාශ විය.

තවද, ප්‍රාග්ධන ප්‍රතිපාදන උපයෝජනයේදී ඇස්තමේන්තු සකස් කිරීමේ ප්‍රමාදයන්, තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය සහ ටෙන්ඩර් ගැටලු හේතුවෙන් බාධා මතුව ඇති බව ද අනාවරණ වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

විගණන විමසුම් සඳහා පිළිතුරු ලබා දීමේ ප්‍රමාදය සම්බන්ධයෙන්ද කරුණු විමසූ කාරක සභාව, ඒවා කඩිනමින් නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එහිදී උපදෙස් ලබා දෙන ලදී.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 "මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

"මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

 කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

 "මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

"මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

 රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

කානුවල ගලා ගිය තෙල් මිනිස්සු එකතු කරපු හැටි - ''වතුරයි තෙලුයි වෙන්කරලා මෙයා තමයි ලස්සනටම ගන්නේ''

කානුවල ගලා ගිය තෙල් මිනිස්සු එකතු කරපු හැටි - ''වතුරයි තෙලුයි වෙන්කරලා මෙයා තමයි ලස්සනටම ගන්නේ''

රජයෙන් ලද සුබ පණිවුඩයෙන් රාජ්‍ය සේවා ඉංජිනේරුවෝ අඩියක් පස්සට ගනී"රජය විශ්වාස කර සති දෙකක් කල් දෙනවා"

රජයෙන් ලද සුබ පණිවුඩයෙන් රාජ්‍ය සේවා ඉංජිනේරුවෝ අඩියක් පස්සට ගනී"රජය විශ්වාස කර සති දෙකක් කල් දෙනවා"

භික්ෂුවගේ වටිනාකම මතක්කළ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමි | Ada Derana

භික්ෂුවගේ වටිනාකම මතක්කළ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමි | Ada Derana

පන්නිපිටිය අහස කළු කරමින් ලොකු ගින්නක් | Ada Derana

පන්නිපිටිය අහස කළු කරමින් ලොකු ගින්නක් | Ada Derana

සජිත් නැගිට්ට සැණින් පොයින්ට් එක අහපු කථානායක.."ඔබතුමාට ඕන විදියට පාර්ලිමේන්තුව කරන්න බෑ"

සජිත් නැගිට්ට සැණින් පොයින්ට් එක අහපු කථානායක.."ඔබතුමාට ඕන විදියට පාර්ලිමේන්තුව කරන්න බෑ"

එක පෙළට උසාවි ආ නාමල්, චාමර හා ජානකී - අධිකරණයෙන් අද ලැබුණ තීන්දු | Ada Derana

එක පෙළට උසාවි ආ නාමල්, චාමර හා ජානකී - අධිකරණයෙන් අද ලැබුණ තීන්දු | Ada Derana

හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස සිටි නිල නිවසේ අද සිට අලුත් වැඩක් | Ada Derana

හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස සිටි නිල නිවසේ අද සිට අලුත් වැඩක් | Ada Derana

වාර්තා පිට වාර්තා තබන 'GTA-6' වීඩියෝ ක්‍රීඩාව | Ada Derana

වාර්තා පිට වාර්තා තබන 'GTA-6' වීඩියෝ ක්‍රීඩාව | Ada Derana

රුසියාවේදී කොටුවූ 'රොටුඹ අමිල' කටුනායකට රැගෙන ආ අයුරු | Ada Derana

රුසියාවේදී කොටුවූ 'රොටුඹ අමිල' කටුනායකට රැගෙන ආ අයුරු | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

 පොලීසියට අලුතෙන් 20,000ක්

පොලීසියට අලුතෙන් 20,000ක්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

 නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

 සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි