
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිට ලබාගත් ශ්‍රී ලංකාවේ දුර්ලභ ඡායාරූපයක් නාසා ගගනගාමී අනිල් මෙනන් විසින් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබේ.
ඔහුගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කර ඇති මෙම ඡායාරූපයෙන් ඉන්දියන් සාගරයේ ගැඹුරු නිල් පැහැති ජලයෙන් වටවී ඇති මෙරට සුන්දරත්වය මනාව දිස්වේ.
එමෙන්ම, දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඉහළින් පැතිරී ඇති සුදු පැහැති වලාකුළු ද ඡායාරූපයේ දැකගත හැකි අතර, පෝක් සමුද්‍ර සන්ධියෙන් එපිට පිහිටි ඉන්දියාවේ දකුණු කෙළවර ද පසුබිමින් දිස්වේ.
ආචාර්ය අනිල් මෙනන් එක්සත් ජනපද අභ්‍යවකාශ හමුදාවේ කර්නල්වරයෙකු මෙන්ම ගුවන් වෛද්‍යවරයෙකු ද වේ.
ඔහු 2026 ජූලි මාසයේදී සොයුස් MS-29 අභ්‍යවකාශ යානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වී තිබේ.
මාස අටක අභ්‍යවකාශ මෙහෙයුමක කොටසක් ලෙස මේ වන විට එහි 74 සහ 75 ගවේෂණ මෙහෙයුම් සඳහා පියාසර ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන ඔහු, ජෛව වෛද්‍ය විද්‍යාව සහ අභ්‍යවකාශ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පර්යේෂණවල ද නිරතව සිටී.
එමෙන්ම, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෘථිවියේ විවිධ භූ දර්ශනවල ඡායාරූප ද ඔහු නිරන්තරයෙන් සමාජ මාධ්‍ය වෙත එක් කරමින් සිටී.



















































