
අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) ජාතික අපරාධ තොරතුරු මධ්‍යස්ථාන (NCIC) පද්ධතියට අනවසරයෙන් ඇතුළු වීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ෆෙඩරල්, ප්‍රාන්ත සහ ප්‍රදේශීය නීතිය බලාත්මක කිරීමේ ආයතන අතර රට පුරා නීතිමය හා අපරාධ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා භාවිත කරනු ලබන ප්‍රධානම සන්නිවේදන පද්ධතිය වන්නේ මෙම NCIC මධ්‍යස්ථානයයි.
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් FBI ආයතනය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
මෙම විමර්ශනයට පෙර ඉකුත් සැප්තැම්බර් මාසයේදී ද FBI රැකියා පද්ධතිය හරහා නිලධාරීන්ගේ තොරතුරු සොරාගත් බවට ප්‍රසිද්ධ හැකර් කණ්ඩායමක් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කෙරිණි.

















































