
අද (21) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද සිට ලබන දෙසැම්බර් මස 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6ට පැවැත්වීමට නියමිතව තිබේ.
ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඉකුත් 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඊට අදාළ දෙවනවර කියවීමේ විවාදය 13 වනදා සිට ඇරඹුණි.
ඒ අනුව දින 7ක කාලයක් අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම ඊයේ (20) පස්වරුවේ පැවැත්වුණි.
එහිදී 2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97 කින් සම්මත වුණු අතර අයවැයට පක්ෂව ඡන්ද 157ක් ද විපක්ෂව ඡන්ද 60ක් ද ලැබුණි.
අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවන වර කියවීමේ විවාදය අද (21) සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක කාලයක් පුරා පැවැත්වෙයි.
රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනද ඇතුළුව සෑම දිනකම පෙ.ව. 9.30 ට මෙම අයවැය විවාද වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
සජීවී විකාශය පහතින් නරඹන්න..

















































