
ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් එකම ඩිජිටල් වේදිකාවකට ගෙනඑන 'ගෝලීය ශ්‍රී ලාංකික ව්‍යවසායක සමාජය' හෙවත් Global Lankan Entrepreneur Club - "GLEC" හි ජපාන සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ව්‍යවසායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රමුඛ සර්වජන බලයේ ජ්‍යේෂ්ඨයින් පිරිස මේ වනවිට ජපානයට පැමිණ තිබේ.
සමුළුව හෙට (22) ජපානයේ සුකුබාහිදී පැවැත්වීමට නියමිතය.
ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් එකම ඩිජිටල් වේදිකාවකට ගෙන එන 'ගෝලීය ශ්‍රී ලාංකික ව්‍යවසායක සමාජය' හෙවත් Global Lankan Entrepreneur Club - "GLEC" ඩිජිටල් වේදිකාව එළිදැක්වීම පසුගියදා කොළඹදී සිදුකෙරුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ සංකල්පයක් මත මෙම ඩිජිටල් වේදිකාව ගොඩනැගීම සිදුකෙරුණි.
ඒ අනුව "GLEC" ඩිජිටල් වේදිකාව පිළිබඳ ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු විදෙස් සමුළුව හෙට ජපානයේ සුකුබාහිදී පැවැත්වෙයි.

















































