header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නාමල්ට සහ චාමරට එරෙහිව අද කැඳවූ නඩුවල සම්පූර්ණ විස්තරය
නාමල්ට සහ චාමරට එරෙහිව අද කැඳවූ නඩුවල සම්පූර්ණ විස්තරය
Mobitel 1278

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ අවිධිමත් ලෙස පොස්පේට් අපනයන බලපත්‍ර නිකුත් කිරීම සඳහා පෞද්ගලික සමාගම් 03කින් අල්ලස් ලබාගැනීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ඇප ඉල්ලීම අද (20) ප්‍රතික්ෂේප කෙරුණි.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

මේ අතර ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය දෙසැම්බර් 01 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ සහ චාමර සම්පත් දසනායකට එරෙහි නීති කෘත්‍යයන් දෙකක්  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද පෙරවරුවේ යළි කැඳවනු ලැබීය.

පළමුව කැඳවනු ලැබුවේ ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනා සම්බන්ධයෙන් වන නඩුවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය ඇතුළු සැකකරුවන් පස්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම එම නඩුව ගොනුකර තිබිණි.

එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

එය සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා නියෝග කළේ සැකකාර ජානකී සිරිවර්ධන දෙසැම්බර් 01 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.

එමෙන්ම නඩුවට අදාළව නාමල් රාජපක්ෂ මහතාට මෙම අධිකරණය ලබාදුන් ඇප නියෝගය පසුගියදා කොළඹ මහාධිකරණය විසින් අතුරු තහනමක් නිකුත් කරමින් අත්හිටවනු ලැබූ අතර ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා ද ඉදිරි නඩු දිනයේ බන්ධනාගාරය භාරයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි සමයේ අවිධිමත් ලෙස පොස්පේට් අපනයන බලපත්‍ර නිකුත් කිරීම සඳහා පෞද්ගලික සමාගම් 03කින් ලක්ෂ 81ක අල්ලස් ලබාගැනීමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය.

එහිදී මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ ඇප අයැදුමේ නියෝගය ප්‍රකාශයට පත්කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපත්කර ඇති කරුණු දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාරව සුවිශේෂ අවස්ථානුගත කරුණු නොවන බව පවසමින් සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

රක්ෂිත බන්ධනාගාරගතව පසුවන චාමර සම්පත් දසනායක මහතාගේ පෞද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා එහිදී ඇප ඉල්ලීමක් සිදුකළේය.

ඔහු පැවසුවේ මෙම සිද්ධියේදී අල්ලස් කොමිසම ඉදිරිපත් කළ මුල් බී වාර්තාව සහ අවසාන වැඩිදුර වාර්තාව අතර කරුණු එකිනෙකට පරස්පර බවය.

එසේම මෙම අල්ලස් මුදල ලබාදුන් බව කියන දිනේෂ් පෙරේරා නැමැත්තාගෙන් අල්ලස් කොමිසම ඉකුත් වසරේ ජුනි මස 24 වැනිදා ප්‍රකාශයක් සටහන් කර ගත් බවත් එම ප්‍රකාශය තුළින් අදාළ පුද්ගලයා මෙම මුදල් මගේ සේවාදායකයාට ලබා දී තිබෙන්නේ චාමර සම්පත් දසනායක මහතාගේ දේශපාලන කටයුතු ප්‍රවර්ධනයට බව සඳහන් කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

නමුත් එම කරුණු ප්‍රතික්ෂේප කළ අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය පැවසුවේ දිනේෂ් පෙරේරා නමැත්තාගෙන් ප්‍රකාශ සටහන් කරගත් පසු දිනම ඔහු විදේශගත වී තිබෙන බවත්, මෙම නඩුකරයට පාදක වන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකාර සුමතිපාල ලියනආරච්චිගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 27 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කරමින් ඔහු සහ සැකකාර චාමර සම්පත් දසනායක මහතා එදින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළේය. 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

එක පෙළට උසාවි ආ නාමල්, චාමර හා ජානකී - අධිකරණයෙන් අද ලැබුණ තීන්දු | Ada Derana

එක පෙළට උසාවි ආ නාමල්, චාමර හා ජානකී - අධිකරණයෙන් අද ලැබුණ තීන්දු | Ada Derana

හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස සිටි නිල නිවසේ අද සිට අලුත් වැඩක් | Ada Derana

හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස සිටි නිල නිවසේ අද සිට අලුත් වැඩක් | Ada Derana

වාර්තා පිට වාර්තා තබන 'GTA-6' වීඩියෝ ක්‍රීඩාව | Ada Derana

වාර්තා පිට වාර්තා තබන 'GTA-6' වීඩියෝ ක්‍රීඩාව | Ada Derana

රුසියාවේදී කොටුවූ 'රොටුඹ අමිල' කටුනායකට රැගෙන ආ අයුරු | Ada Derana

රුසියාවේදී කොටුවූ 'රොටුඹ අමිල' කටුනායකට රැගෙන ආ අයුරු | Ada Derana

චීන තානාපති ඉදිරියේ පෙර නොකී කතාවක් එළියට දැමූ හිටපු ජනපති මෛත්‍රී - ''මටම එරෙහි පාරාවළල්ලක් වුණා''

චීන තානාපති ඉදිරියේ පෙර නොකී කතාවක් එළියට දැමූ හිටපු ජනපති මෛත්‍රී - ''මටම එරෙහි පාරාවළල්ලක් වුණා''

'Anthropic' ලොව වටිනාම සමාගම් අතරට සේවකයින්ගෙන් 96%ක් එක රැයෙන් කෝටිපතියන් | Ada Derana

'Anthropic' ලොව වටිනාම සමාගම් අතරට සේවකයින්ගෙන් 96%ක් එක රැයෙන් කෝටිපතියන් | Ada Derana

උදෙන්ම හැප්පුන රට හදන තැන -''මම නෙමෙයි බිමල් ඇමතිතුමා කිව්වේ,මට කනෙන් පෙන්වන්න පුළුවන්''| Ada Derana

උදෙන්ම හැප්පුන රට හදන තැන -''මම නෙමෙයි බිමල් ඇමතිතුමා කිව්වේ,මට කනෙන් පෙන්වන්න පුළුවන්''| Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩගන්න චීනයෙන් දෙන තල්ලුව - ''ආධාර වැඩසටහන් 140ක්, මිත්‍රත්වය සදාකාලිකව පවතියි''

ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩගන්න චීනයෙන් දෙන තල්ලුව - ''ආධාර වැඩසටහන් 140ක්, මිත්‍රත්වය සදාකාලිකව පවතියි''

මාතලේ පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු හදිසියේ මියයයි| Ada Derana

මාතලේ පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු හදිසියේ මියයයි| Ada Derana

එකම බස්රියේ උදෙන්ම උසාවි ආ නාමල් හා චාමර...| Ada Derana

එකම බස්රියේ උදෙන්ම උසාවි ආ නාමල් හා චාමර...| Ada Derana

මත් ජාවාරම්කරුවන් 4කට  මරණ දඬුවම දුන් මෛත්‍රීට දින 2කට පසු එල්ල වූ බලපෑම | Ada Derana

මත් ජාවාරම්කරුවන් 4කට මරණ දඬුවම දුන් මෛත්‍රීට දින 2කට පසු එල්ල වූ බලපෑම | Ada Derana

ඌරුබොක්කේ හැලප ගැන වෙනස් විදිහකට දැකපු හඳුන්නෙත්ති

ඌරුබොක්කේ හැලප ගැන වෙනස් විදිහකට දැකපු හඳුන්නෙත්ති

මුහුදට එකතුවෙන හානිකර ද්‍රව්‍යවලින් සමුද්‍රීය පරිසරය රැකගන්න පුහුණු අභ්‍යාසයක්

මුහුදට එකතුවෙන හානිකර ද්‍රව්‍යවලින් සමුද්‍රීය පරිසරය රැකගන්න පුහුණු අභ්‍යාසයක්

 දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

 රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

 පොලීසියට අලුතෙන් 20,000ක්

පොලීසියට අලුතෙන් 20,000ක්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

 නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

 සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි