
2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97 කින් අද (20) සම්මත කෙරුණි.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් ද විපක්ෂව ඡන්ද 60ක් ද ලැබුණි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12වැනිදා අයවැය කතාව ඉදිරිපත්කරනු ලැබීය.
ඒ අනුව නොවැම්බර් 13 දින සිට අද දිනය දක්වා දින 7ක කාලයක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්විණි.
අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (21) සිට ලබන දෙසැම්බර් මස 14 වැනිදා දක්වා පැවැත්වේ.
තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 14 වැනිදා පස්වරු 6ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනය ද ඇතුළුව සෑම දිනකම පෙ.ව. 9.30ට අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

















































