
ගිනි අවි, ඇත්දළ කොටස්, පතොරම්, වන සතුන්ගේ මස් සහ වන සතුන් දඩයම් කිරීම සඳහා යොදාගන්නා උපකරණ රැසක් සොයා ගැනීමට සොයාගෙන තිබේ.
ඒ, ගජබාහු හස්තියා නිතර සැරිසරන කැබිතිගොල්ලෑව, යාං ඔය – වාහල්කඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ ‘හස්ති සේනා’ විශේෂ මෙහෙයුමේදීයි.
එහිදී මසල් ලෝඩින් (Muzzle-loading) වර්ගයේ ගිනි අවියක්, පුරවන ලද පතොරම් කිහිපයක්, වන සතුන් දඩයම් කිරීමට යොදාගන්නා ලෝහ කඳන්, වනාන්තරය තුළ අටවා තිබූ මදු, සකස් කරන ලද මදු සහ උගුල්, ඇත්දළ කොටස් තුනක්, වන සතුන්ගේ මස් සහ වන සතුන් ඝාතනය කිරීමට යොදාගන්නා උල් පිහි ඇතුළු උපකරණ රැසක් සොයාගෙන ඇත.
වන අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමත්, වන සතුන්ට එල්ල වන තර්ජන අවම කිරීමත්, මිනිස් ජීවිත හා දේපළ සුරක්ෂිත කරමින් අලි–මිනිස් ගැටුම අවම කිරීමත් අරමුණු කරගත් ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුම යටතේ මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.
පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ‘හස්ති සේනා’ මෙහෙයුම මඟින් වන සතුන් දඩයම් කිරීම සහ වන අලි ඇතුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඬපැවැත්වීම සඳහා අඛණ්ඩව පියවර ගනිමින් සිටිති.















































