
එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා දෙසැම්බර් 2 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (19) නියම කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්ර භාරදීමද මෙහිදී සිදුවිය.
ඉන් අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවන හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන බව පුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.
ඉන් අනතුරුව මෙම නඩුව දෙසැම්බර් 2 කැඳවීමට නියම කෙරුණි.















































