header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මඩකලපුව මහාධිකරණයෙන් EPDP සාමාජිකයන් 8කට මරණ දඬුවම
මඩකලපුව මහාධිකරණයෙන් EPDP සාමාජිකයන් 8කට මරණ දඬුවම
Mobitel 1278

2008 වර්ෂයේදී එරාවූර් පොලිස් බල ප්‍රදේශයේදී දේවදාස් සුරේෂ් කුමාර් නමැති පුද්ගලයෙකු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් අට දෙනෙකුට මඩකලපුව මහාධිකරණය මගින් අද (19) මරණ දඬුවම නියම කරන ලදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබූ සැකකරුවන් නව දෙනා අතුරින් එක් අයෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී.ජේ. ප්‍රභාකරන් මහතා නියෝග කළේය.

2008 ජුනි 19 වැනිදා, එවකට චෙංකලඩි කඳවුරේ රැඳී සිටි ඊ.පී.ඩී.පී. (EPDP) සාමාජිකයන් පිරිසක් විසින් සුරේෂ් කුමාර් නමැත්තා වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කර, මළසිරුර වළදමා ඒ මත කෙසෙල් පැළයක් සිටුවා තිබූ බව අධිකරණයේදී අනාවරණය විය.

සිද්ධිය සම්බන්ධයෙන් එරාවූර් පොලිසිය මගින් ඊ.පී.ඩී.පී. සාමාජිකයන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය. මූලික මහෙස්ත්‍රාත් නඩු විභාගයෙන් අනතුරුව, 2016 වර්ෂයේදී නඩුව වැඩිදුර විභාගය සඳහා මඩකලපුව මහාධිකරණය වෙත යොමු කෙරිණි.

පැහැරගැනීම සඳහා භාවිත කළ බව කියන වෑන් රථය ද සොයා ගනිමින් මහාධිකරණය හමුවේ නඩු විභාගය අඛණ්ඩව පවත්වාගෙන යන ලදී. දීර්ඝ නඩු විභාගයකින් පසු චෝදනාවලට වරදකරුවන් වූ විත්තිකරුවන් අට දෙනාට මෙලෙස මරණ දඬුවම ප්‍රකාශයට පත් කෙරිණි.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, මරණ දඬුවම නියම වූ විත්තිකරුවන් මඩකලපුව බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

 රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

 අභ්‍යවකාශයේ කි.මී බිලියන 25.9ක් ගිය 'Voyager 1'... ආලෝක දිනයක් පසු කළ ඓතිහාසික සැමරුම

අභ්‍යවකාශයේ කි.මී බිලියන 25.9ක් ගිය 'Voyager 1'... ආලෝක දිනයක් පසු කළ ඓතිහාසික සැමරුම

 අදත් අයවැයට කුණු බැනුම්... විරෝධතා රැසක් දිවයින පුරා...

අදත් අයවැයට කුණු බැනුම්... විරෝධතා රැසක් දිවයින පුරා...

 අනුරපුරේ සත්‍යග්‍රහ භූමියේදී පහර කෑ කාන්තාව පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි...

අනුරපුරේ සත්‍යග්‍රහ භූමියේදී පහර කෑ කාන්තාව පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි...

 fm දෙරණ සංවිධානය කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ තෙමස් පූර්ණ පිංකම..

fm දෙරණ සංවිධානය කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ තෙමස් පූර්ණ පිංකම..

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

 බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

 නාමල් අදත් කොටුවට...

නාමල් අදත් කොටුවට...

 වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

 පොලීසියට අලුතෙන් 20,000ක්

පොලීසියට අලුතෙන් 20,000ක්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

 නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

 සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

රට පුරා පාරවල් හදන්න බිලියන 506ක්

රට පුරා පාරවල් හදන්න බිලියන 506ක්

දෙල් මිල දෙල්වෙයි

දෙල් මිල දෙල්වෙයි

දොස්තර පුටු 7,000ක් හිස් වීමේ අවදානමක්

දොස්තර පුටු 7,000ක් හිස් වීමේ අවදානමක්

වැඩිපුර එළියේ ඉන්න එපා ! කොළඹ වායු දූෂණය නරකම අතට

වැඩිපුර එළියේ ඉන්න එපා ! කොළඹ වායු දූෂණය නරකම අතට

අධිකරණයට අපහාස වන ප්‍රකාශ කරන්න එපා !

අධිකරණයට අපහාස වන ප්‍රකාශ කරන්න එපා !