
තඹුත්තේගම, රාජාංගනය ප්රදේශයේදී රිවෝල්වරයක් සහ ජීව පතොරොම් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නිකවැරටිය කොට්ඨාස රථවාහන අංශයට අනුයුක්තව රාජකාරියේ නිරත පොලිස් නිළධාරීන් දෙදෙනෙකු සැකකටයුතු යතුරුපැදියක් නවතා පරීක්ෂාවට ලක්කිරීමේදී මෙලෙස විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක් හා පතොරොම් 05 ක් සොයා ගෙන ඇති බව සඳහන් වෙයි.
එහිදි යතුරුපැදිය එම ස්ථානයේ දමා පැදිකරු හා පසුපැදිකරු පලාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශණවලදී අදාළ සැකකරුවන් පරසන්ගස්වැව හා රාජාංගනය ප්රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 හැවිරිදි සහ 34 හැවිරිදි ඉපලෝගම හා රාජාංගනය යන ප්රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.















































