
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශ්‍රාමික රණවිරුවන්ගේ සෞඛ්‍ය හා සුබසාධන අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විශේෂ සුබසාධන වෛද්‍ය කඳවුරක් සංවිධානය කර තිබේ.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්නගේ මඟපෙන්වීම යටතේ, විශ්‍රාමික රණවිරු කටයුතු හා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ නොවැම්බර් 18 වැනිදා මින්නේරිය 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදීය.
එහිදී විශ්‍රාමික රණවිරුවන්ට රෝද පුටු, කිහිලිකරු සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සිදුකෙරුණු අතර, සාමාන්‍ය වෛද්‍ය, චර්ම රෝග, දන්ත හා අක්ෂි සායන මෙන්ම කෘත්‍රිම අත් පා නඩත්තු සහ පෝෂණ උපදේශන සේවාවන් ද ලබාදී තිබේ.
මෙම වැඩසටහනෙන් විශ්‍රාමික රණවිරුවන්ට අමතරව දැනට සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද ප්රතිලාභ හිමිවිය.
මේ අතර, අලුත්වැඩියා කර නවීකරණය කරන ලද මින්නේරිය යුද්ධ හමුදා මූලික රෝහල ද යුද්ධ හමුදාධිපතිවරයා විසින් මෙහිදී නිල වශයෙන් විවෘත කරනු ලැබීය.
එම රෝහලේ යටිතල පහසුකම් සහ වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ප්‍රතිසංස්කරණ කටයුතු 3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකර තිබේ.















































