2027 අයවැය මඟින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම් ඉටුනොවීමට විරෝධය පලකරමින් සංකේත වැඩවර්ජනයක් අද (18) පවත්වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ද කමිටුව පවසයි.
එහි සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසුවේ රුහුණු විශ්වවිද්‍යාලය හැර සියලුම විශ්වවිද්‍යාලවල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ද කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා,
"වර්තමාන රජය, ඔවුන්ගේ මංගල අයවැයෙනුත් විශ්වවිද්‍යාල පද්ධතියට දැඩි අසාධාරණයක් සිදුකරා. ඒ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදී අග්‍රාමාත්‍යතුමිය, නියෝජ්‍ය මුදල් අමාත්‍යතුමා පැහැදිලි එකඟතාවයකට ආවා, මේ අයවැයෙන් ඒවා නිවැරදි කරනවා කියලා. 2027 අයවැයෙනුත් ඒවා නිවැරදි කළේ නෑ, තවදුරටත් ගැටලු නිර්මාණය කළා. එම නිසා අපි රජයට විරුද්ධව එක්දින සංකේත වැඩවර්ජනයක් සමඟින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් අද දවසේ පවත්වනවා. අද දවසේ සියලුම විශ්වවිද්‍යාල වැඩවර්ජනයට සම්බන්ධ වෙනවා, රුහුණු විශ්වවිද්‍යාලය හැර. රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය තියෙන නිසා රුහුණු විශ්වවිද්‍යාලය නිදහස් කරලා තියෙනවා. සියලුම විශ්වවිද්‍යාල ඔවුන්ගේ විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වනකොට, කොළඹ නගරයේ විශ්වවිද්‍යාල ටික කොළඹ එකතැනකට එකතු වෙලා උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වනවා. එම නිසා අපි රජයට බලපෑම් කරලා කියනවා, වහාම ඔබ රජය විසින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය නිර්මාණය කරල ලද ගැටලු විසඳන්න මැදිහත් වෙන්න. ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමා සමඟ දිගින් දිගටම සාකච්ඡා ඉල්ලා තියෙනවා ලිපි යොමු කරලා, ඒ ලිපි ලැබුණ බව දැනුම්වත් කරලා තියෙනවා, හැබැයි වසර දෙකක් ගත වෙලා එකදු සතයක් හෝ ලබා දීලා නෑ."