
හිමිකරුවෙකු නොමැති අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 400ක් අම්බලන්ගොඩ, කන්දේගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා මාතර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබේ.
ඊයේ (17) උදෑසන පොලිස් විශේෂ කාර්ය බලකා මාතර කඳවුරේ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමක දී සුසාන භූමියක සඟවා තිබූ සැකකරුවෙකු නොමැති මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.













































