header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අලි ඇතුන් සුරැකීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් ප්‍රකාශයක්
අලි ඇතුන් සුරැකීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් ප්‍රකාශයක්
Mobitel 1278

මෙරට අලි ඇතුන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් අධිකරණය විශේෂ අවධානයක් යොමු කරන බවත්, විදේශීය සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ විශාල ගොඩනැගිලි නැරඹීමට නොවන බවත් අභියාචනාධිකරණය අද (17) ප්‍රකාශ කළේය.

වගාබිම් ආරක්ෂා කිරීමේ අරමුණින් ගොවීන්ට ගිනි අවි නිකුත් කිරීමට රජය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වනජීවී සහ පරිසර ආරක්ෂණ සංගමය ගොනු කළ පෙත්සමක් අද සලකා බැලූ අවස්ථාවේදී අධිකරණය මෙම අදහස් පළ කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින්, ගොවීන් ඇතුළු පිරිසකට ගිනි අවි නිකුත් කිරීම හේතුවෙන් අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව සඳහන් කළේය.

වගාවන් ආරක්ෂා කිරීම සඳහා මීට පෙර අක්කර පහක වගාබිම් සීමාවකට යටත්ව ගිනි අවි නිකුත් කළ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, රජය මෑතකදී ගෙන ඇති තීරණයකට අනුව එම සීමාව අක්කර දෙක දක්වා අඩු කර ඇති බව ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් නිකුත් කෙරෙන ගිනි අවි සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.

2002 වසර වන විට ගිනි අවි 305ක් නිකුත් කර තිබූ අතර, එම සංඛ්‍යාව 2026 වසර වන විට 490ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, මේ වන විට සමස්තයක් ලෙස ගිනි අවි 3,207ක් නිකුත් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු, අලි ඇතුන් මෙරට ජාතික උරුමයක් බවත්, වෙඩි වැදීමෙන් මියගිය කාවන්තිස්ස ඇතාගේ සිදුවීම ද සිහිපත් කරමින් මෙරට අලි ඇතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් සඳහන් කළේය.

එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ප්‍රකාශ කළේ අලි ඇතුන් ජාතික සම්පතක් ලෙස සලකා ආරක්ෂා කළ යුතු බවයි.

විදේශීය සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ විශාල ගොඩනැගිලි නැරඹීමට නොවන බවත්, වන සතුන් සහ පරිසරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය වඩාත් සැලකිලිමත් වන බවත් සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අලි ඇතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ගෙන් කරුණු විමසීමට අධිකරණය කටයුතු කරන බව ද විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 30 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නියෝජ්‍ය ආරක්ෂක ඇමති විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, පරිසර ඇමති වෛද්‍ය ධම්මික පටබැඳී ඇතුළු පිරිසක් නම් කර තිබේ.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

Mobitel 1278
Lassana Flora

Spotlight

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්