
පුත්තලම - හලාවත ප්රධාන මාර්ගයේ දැදුරුඔය ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් විදේශීය ජාතික කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබේ.
අද (17) දහවල් 01.30ට පමණ ත්රීරෝද රථයක් ධාවනය වෙමින් තිබියදී මාර්ගයෙන් ඉවතට පැන, අනෙක් මංතීරුවේ ගමන් කළ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.
අනතුරින් ත්රීරෝද රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර, එහි සිරවී සිටි එක් කාන්තාවක එළියට ගැනීම සඳහා විනාඩි 20කට ආසන්න කාලයක් ගතවූ බව ද පොලීසිය පැවසීය.
තුවාල ලැබූ තිදෙනාම ස්පාඤ්ඤ ජාතික කාන්තාවන් වන අතර අනතුර සිදුවන අවස්ථාවේ ත්රීරෝද රථය පදවා ඇත්තේ ද එම කාන්තාවන්ගෙන් එක් අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

















































