
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගය මේ වනවිට පාකිස්තානයේ රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 98ක් පමණි.
ශ්රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 32ක් රැස්කළ අතර, සොනාල් දිනූෂ ලකුණු 21ක් ලබාගත්තේය.
අනෙකුත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකර යාමට පාකිස්තාන පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුන්හ.
පන්දු යැවීමේදී මොහොමඩ් අබ්බාස්, රසාඋල්ලා සහ අමර් ජමාල් කඩුලු 3 බැගින් බිඳහෙළීමට සමත් වූහ.
ඒ අනුව සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින පාකිස්තාන කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කඩුලු කිසිවක් නොදැවී ලකුණු 78ක් රැස්කරගෙන සිටියේය.

















































