
ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සාමාජිකයෙකු මෙන්ම ඛනිජ තෙල් වෘත්තිය සමිති ක්‍රියාකරුවකු වන ආනන්ද පාලිත මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු රැසක් අනාවරණය කළේය.
ඒ අද (17) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ ආනන්ද පාලිත මහතා ඛනිජ තෙල් සංස්ථාවේ පිරවුම්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවත් පිරවුම්කරුවෙකුට ඉන්ධන පුරවන ප්‍රමාණයට දිරි දීමනාවක්ද හිමිවන බවය.
එහිදී ඒ මහතා ඉන්ධන පිරවීමකින් තොරව පසුගිය 2015-2018 කාලය තුළදී රුපියල් එක්ලක්ෂ එකලොස්දහස් හයසිය එකක මුදලක් වංචා කර ඇති බවත් මේ සම්බන්ධව අල්ලස් කොමිසම වෙත ලැබුණු පැමිණිල්ලක් මත ඒ මහතාව එම කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම කාලය තුළදී තෙල් සංස්ථාවේ විගණනයක් සිදුකර ඇති බවත් ඒ විගණනයට අදාළ පැමිණිල්ල සිදුකර ඇත්තේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
"ආනන්ද පාලිත මහතා ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් පිරවුම්කරුවෙකු ලෙස තමයි සේවය කළේ ඊට අමතරව වෘත්තිය සමිති කටයුතු සඳහා නිදහස් වෙලා තියෙනවා. තෙල් පිරවුම්කරුවෙකු ලෙස සේවය කරන කෙනෙකුට ලැබෙන මූලික වැටුපට අමතරව තෙල් පුරවන ප්‍රමාණයට තමයි ඉන්සෙන්ටිව් එක ලැබෙන්නේ. ඒ නිසා තෙල් නොපුරවා 2015 -01-21 සිට 2018 - 10-20 දක්වා කාලය තුළදි රුපියල් තිස් එක්ලක්ෂ එකලොස්දහස් හයසිය එකක් වංචා කිරීම සහ සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත තමයි අල්ලස් කොමිසම මේ සම්බන්ධව පරීක්ෂණ කරලා ඔහුව අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ අනුව පොදු දේපළ යටතේ ගැනෙන වරදක් අනුව තමයි මේක විභාග වෙමින් පවතින්නේ. ඒ වගේම 2015-2018 කාලයේදී තෙල් සංස්ථාවේ විගණනයක් සිදු කරලා තිබෙනවා ඒ විගණනයට අදාළ පැමිණිල්ල දාලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තිය සමිති නායකයෙක්. ඒ අනුව ඔඩිට් එකෙන් තමයි මේ සමහර තොරතුරු එළියට එන්නේ."

















































