
ජනමාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ ‘ඇසිදිසි ජනමාධ්‍ය’ සහ ‘ඇසිදිසි තාක්ෂණික’ ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන හෙට (14) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ සඳහා රුපියල් මිලියන 54.3ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරන මාධ්‍යවේදීන් 161 දෙනෙකුට මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය.
ජනමාධ්‍යවේදීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කරමින් වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ.
ඒ අනුව, සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීම සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය.



















































